Saturday, April 27, 2024

General line - 0115112241

සිකුරාදා සරල ඕනෑම ඇඳුමකින් සැරසී පාසැලට පැමිණීමේ අවස්ථාව හිමිවේ - චක්‍රලේඛය සඳුදාම 




ලබන සිකුරාදා දිනයේ පාසැල් සිසුන්ට සරල ඕනෑම ඇඳුමකින් සැරසී පාසැලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

සෑම  විදුහල්පතිවරයෙක්ට සහ  ගුරුවරයෙක්ටම එදින සරල  ඇඳුමකින් සැරසී පාසැලට පැමිණිය හැකි බවයි ඔහු  දුම්මලසූරිය ජේ ආර් ජයවර්ධන විදුහලේදී සඳහන් කළේ.


එදින ඩෙංගු මර්ධන කටයුතු සිදු කිරීමට නියමිත අතර  ඒ සම්බන්ධයෙන්වන චක්‍රලේඛය ලබන  සඳුදා පළාත් කලාප අධ්‍යක්ෂ වරුන්ට නිකුත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.