Saturday, April 27, 2024

General line - 0115112241

තෙල් නිසා රටම හිරවූ හැටි (PHOTOS)

සම්පත් කුමාර




හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබාදීමට එරෙහිවීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සංස්‌ථා සේවකයන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය මේවන විටත් පැවැත්වෙනවා.

හම්බන්තොට වරාය අද (25 ) චීනයට ලබාදීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් කටයුතු කරන බවට ප්‍රකාශ වී ඇති නිසා වැඩ වර්ජනය ඊයේ රාත්‍රී සිට දියත් කළ බවයි ඛණිජ තෙල් වෘත්තිය සමිති සඳහන් කළේ.


වර්ජනය හේතුවෙන් අද (25) අලුයම කාලයේ ද ඉන්ධන පිරවුම්හල් අසළ විශාල තදබදයක් පැවති අයුරු පහතින් දැක්වෙනවා.