Saturday, April 27, 2024

General line - 0115112241

හමුදාවට බැඳෙන අයට අලුත් නීතියක්




ලිංගික සංක‍්‍රාන්තියක් සිදු කර ගත් තැනැත්තන් හමුදාවට බැඳීම වලක්වාලමින් නව නිවේදනයක් නිකුත් කරන්නට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු හමුදාවන්ගේ කිසිඳු නිලයක සේවය කිරීමට ලිංගික සංක‍්‍රාන්තිකයින්ට අවසර හිමි නොවනු ඇති. 

ලිංගික සංක‍්‍රාන්තියක් සිදු කර ගත් තැනැත්තන්ට ද අමෙරිකානු හමුදාවන්ට බැදීමට අවසර ලබා දීමට ඔබාමා පරිපාලනය ඉකුත් වසරේ දී තීරණය කළා.

කෙසේ වෙතත් මෙම තීරණය විවේචනයට ලක් වූ අතර ඩොනල්ට් ට‍්‍රම්ප් සිය නිවේදනය නිකුත් කර ඇත්තේ ඒ බව ද සැලකිල්ලට ගනිමින්. තමන් ආරක්ෂක විද්වතුන්ගෙන් ද මේ සඳහා උපදෙස් ලබා ගත් බව ඩොනල්ට් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.