Friday, April 26, 2024

General line - 0115112241

 ඕස්ටේ‍්‍රලියාව කැළඹූ ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුමේ මොළකරුවන් අල්ලයි (PHOTOS)




ඕස්ටේ‍්‍රලියාවේ දී මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට තැත් කළ ත‍්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසනවා. 

ඔහු කියා සිටියේ ඒ සඳහා යොදා ගත් උපකරණ ද ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති බවයි. 

මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට ත‍්‍රස්තවාදීන් දැරූ උත්සහය ව්‍යර්ථ කළේ එරට ත‍්‍රස්ත මර්දන පොලිසියයි. 

ඒ, ඒකාබද්ධ දැවැන්ත ත‍්‍රස්ත මර්දන මෙහෙයුමකින් අනතුරුව බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ. 

මෙම සිද්ධියෙන් පසු  ඕස්ටේ‍්‍රලියාවේ ජාත්‍යන්තර සහ දේශීය ගුවන් තොටුපල සියල්ලගේම ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.