Saturday, April 27, 2024

General line - 0115112241

වැව් නිමා පුරවරයේ වැව්වල ඉරණම




වැව් නිමා පුරවරය නොහොත් වව්නියාවේ පිහිටි කුඩා වැව් 90% කටත් වැඩියෙන් සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසාවෙන් වව්නියාවේ වැසියන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

අතීතයේ රට පුරා වැව් ඉදිකරමින් පැමිණ වව්නියාවෙන් වැව් ඉදිකිරීම නිමා කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම ප්‍රදේශය වැව් නිමා පුරවරය ලෙස හැඳින්වූ බවත් ජන ව්‍යවහාරයේ පවතිනවා.

වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි වසම් 102 ක පවුල් 24507 ක පුද්ගලයින් 85771 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර ඉන් වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.

එහි පවුල් 11306 කට අයත් පුද්ගලයින් 39570 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර වව්නියාවේ මහ වැව් 6 ක් පිහිටා ඇති අතර එම වැව්වලද ජල මට්ටම සීඝ්‍රයෙන් පහල බැස තිබෙනවා.