Saturday, April 27, 2024

General line - 0115112241

වැස්සෙන් වාසි අරන් රැඳවියෙක් බන්ධනාගාරයෙන් පනී




බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (08) පස්වරුවේ පලාගොස් තිබෙනවා.

පස්වරු 4.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු යටතේ මොණරාගල  බන්ධනාගාර රැඳවියන් පිරිසක් අද පස්වරුවේ එලිමහනේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා.

එම අවස්ථාවේ ප‍්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අදාල රැඳවියා බන්ධනාගාර තාප්පයෙන් පැන ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.  

මෙලෙස පැන ගොස් ඇත්තේ මඩකලපුව චෙන්කලඩි ප‍්‍රදේශයේ පදිංචි උදයකුමාර් සුරේශ්කුමාර් නැමති තිස් පස් හැවිරිදි රැඳවියෙක්.

මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට ඔහු බන්ධනාගාර ගත කර ඇත්තේ 2015 වසරේ මාර්තු මාසයේදීයි.

ඒ, වසරක සිර දඩුවමක් සඳහායි. කෙසේ වෙතත් එම අවස්ථාවේ සැකකරුට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ද නියම කර තිබෙනවා. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර 10 ක සිර දඩුවමක් පනවන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අනුව එම දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙනුයි ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ.