Friday, April 26, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ සිටින සැමියාට ඇප තැබීමට "බිරිඳ " සැමියාගේ මිතුරන් දෙදෙනෙකු සමග කළ දේ 




මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින තම ස්වාමි පුරුෂයාට ඇප තැබීම සඳහා මුදල් සොයා ගැනීමට මංකොල්ලකෑම් මෙහෙයවූ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මාතලේ පොලීසිය සිදුකළ මෙහෙයුමකින්.

සැකකාර කාන්තාව මෙම මංකොල්ලකෑම් සිදුකර ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය ස්වාමි පුරුෂයාගේ මිතුරන් දෙදෙනෙකුද හවුල්කර ගනිමින්. 

ඇයගේ ස්වාමි පුරුෂයාද රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ මාතලේ, මහනුවර, වත්තේගම, මඩවල, දඹුල්ල, නාවුල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළ කොල්ලකෑම් සම්බන්ධයෙන්. 

ඔහු යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ ගෙළ බැදි රන්මාල කොල්ලකා පලායන කල්ලියක මහමොලකරු ලෙසටයි සැලකෙන්නේ.