Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශය තවත් ශ‍්‍රී ලංකා පුහුණුකරුවෙකු ඩැහැ ගනියි




බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා ඒකකයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන පුහුණුකරු චම්පක රාමනායක වැඩ භාරගෙන තිබෙනවා. 

2015 වසරේ සිට වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස යළි පත් කෙරුණු චම්පක රාමනායක සිම්බාබ්වේ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයෙන් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වුණා. 

පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණේ.

මේ අතර නව තනතුර භාරගත් චම්පක රාමනායක, බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ මණ්ඩලයට එක්වන පස්වන ශ‍්‍රී ලාංකිකයායි. 

එම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කරන අතර රුවන් කල්පගේ, තිලාන් සමරවීර සහ මාරියෝ වෙල්ලවරායන් ද බංග්ලාදේශ සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා.