Tuesday, March 19, 2024

General line - 0115112241

ගංවතුරට දුන්න සල්ලිවලට මොකද වුණේ?..රුපියල්  මිලියන 60ක්!  - අගමැති වාර්තාවක් ඉල්ලයි 




රුපියල්  මිලියන 60ක් ලබාදී  තිබියදී ගංවතුරින් විපතට පත් ප්‍රදේශවලට අදාළ සංවර්ධන කටයුතු ප්‍රමාදවීම පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. 

විපතට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් නැංවීමට  භාණ්ඩාගාරයෙන් හා වෙනත්  අංශවලින් වෙන් කළ මුදල් සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසයි අගමැතිවරයා  නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

නිවාස කුලී දීමනාව, වියළි සලාකා ලබාදීම  හා වන්දි ගෙවීම් කඩිනමින් කළත් මාර්ග සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද මේ වන විටත් දිසාපතිවරුන්ට මුදල් ලබාදී ඇති නිසා එය පරිපාලනය වූ ආකාරය පිළිබඳ එම  වාර්තාවේ සඳහන් කරන ලෙසද අගමැතිවරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.


ගංවතුරින් විපතට පත් ප්‍රදේශවලට ලබාදුන් සහන ප්‍රගතිය සොයා බැලීම සඳහා කොටපොළ සමූපකාරයේදී ඊයේ (18) පැවැති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර රාජ්‍ය නිලධාරීන් සමඟ ද සාකච්ඡා කර වාර්තාව සති දෙකකින් ලබාදිය යුතු බවයි.