Friday, April 26, 2024

General line - 0115112241

බඩේ කතාවෙන් පසු "දයාසිරි - මාලිංග" මුහුණට මුහුණ හමු වේ - කතාව දුරදිග ගියේ මෙහෙමයි




රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුහුණට මුහුණ හමු වුණා.

ඊයේ (19) සිදු වූ මෙම හමුවේදී මාලිංග ඉදිරියේ සිටි අමාත්‍ය දයාසිරි මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණා.

දයාසිරි - කොහොමද මාලිංග...

මාලිංග - ම්.. හොඳයි..හොඳයි.

කතාව ආරම්භය තරමක් දෙදෙනාටම ආගන්තුක වී තිබුණත් පසුව කතාව වඩාත් සුහදශීලිව සිදුව ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වුණේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ෆිට්නස් සහ බඩ පිළිබඳ කතාබහක් නිසා පසුගිය සමයේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ වේග පන්දු යවන සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග අතර දැඩි වාග් ප්‍රහාරයන් රැසක් සිදුව තිබුණා.

මෙම උණුසුම් වාග් ප්‍රහාරයන්ගෙන් පසු දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව වන්නේද මෙයයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංගත් ක්‍රීඩා කරනවා.