Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ දුම්රියක් පීළි පනී - පෙට්ටි 14ක් අනතුරට ලක් වෙයි (PHOTOS)




ඉන්දියාවේ මගී දුම්රියක් පීලිපැනීමට ලක්වී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

දකුණු දිග ඔඩීෂා ප්‍රාන්තයේ පූරි සිට ඊසානදිග ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් වෙත ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. 

පැය 36 ක දුම්රිය ගමනක යෙදී සිටි මගීන් මෙම අනතුරට මුහුණ දුන්නේ නවදිල්ලි නගරයට කිලෝමීටර් 100 ක් පමණ ඈතින් පිහිටි කවුටාලි ප්‍රදේශයේදීයි.

දුම්රිය මැදිරි එකිනෙක මත පෙරලී ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

දුම්රිය මැදිරි 23 කින් 14 ක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. ඉන්දියාවේ වැඩිම පිරිසක් භාවිතා කරන පොදු ප්‍රවාහන සේවය වන්නේ ද දුම්රියයි.