Friday, April 26, 2024

General line - 0115112241

සුළි කුණාටුවක් හොංකොං කළඹයි (VIDEO)




දරුණු ගණයේ සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් හොංකොං වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එරට ගුවන් ගමන් වාර 100ක් පමණ අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැයට කිලෝමීටර් 150 ඉක්මවූ වේගයකින් මෙම සුළි කුණාටුව හොංකොං වෙත පිවිස ඇති අතර මේ හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.

අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.