Saturday, April 27, 2024

General line - 0115112241

උතුරු පළාතට නව ඇමති මණ්ඩලයක්!




උතුරු පලාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනකු උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී අද (23) දිවුරුම් දුන්නා.

මේ අනුව උතුරු පලාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සේවා නව අමාත්‍යවරයා ලෙස  වෛද්‍ය ඥානශීලන් ගුණසීලන් , උතුරු පලාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා ලෙස කන්දයියා සිවනේශන් දිවුරුම් දුන්නා.

කාන්තා කටයුතු අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නේ ආනන්දී සෂීධරන්ය. 

ඊට අමතරව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මුදල් ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම් විදුලිබල , නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පලාත් පාලන, පලාත් පරිපාලන ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසද උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී මෙහිදී දිවුරුම් දුන්නා.