Saturday, April 27, 2024

General line - 0115112241

රුසියාවේ ප්‍රකාශය අමෙරිකාව හෙළා දකි.




අයි එස් සංවිධානයේ වත්මන් නායක ලෙස සැලකෙන අබු බක්කාර් අල් බග්දාදි තවමන් ජීවතුන් අතර සිටින බව අමෙරිකාව පවසනවා.

විවිධ රටවල විවිධ නම් භාවිත කරමින් ඔහු පෙනී සිටින බවයි අමෙරිකානු බුද්ධි අංශය පෙන්වා දී ඇත්තේ.

මෙලෙස සැගවී සිටින බග්දාදි ගුවන් ප්‍රහාර මෙන්ම වෙනත් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු බුද්ධි අංශය කියා සිටියා. ඉදිරියේ දී .

අයි එස් සංවිධානය විසින් තවත් ප්‍රහාර රැසක් දියත් කිරිමට නියමිත බවද අමෙරිකානු බුද්ධි අංශය අනාවරණය කළා.

කෙසේ වෙතත් පසුගියදා රුසියාව නිවේදනය කළේ අල් බග්දාදි තම ප්‍රහාරයන් හමුවේ ජීවිතක්ෂයට පත්වූ බවයි.

රුසියාවේ එම නිවේදනය හෙළා දකිමින් අමෙරිකාව පවසන්නේ අයි එස් සංවිධානයේ වත්මන් නායක ලෙස සැලකෙන අබු බක්කාර් අල් බග්දාදි තවමන් ජීවතුන් අතර සිටින බවයි.

දැනට ජාත්‍යන්තර රතු වරෙන්තුවට ලක්ව ඇති බග්දාදි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන අයෙකු සිටින්නේ නම් ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 25 ලබාදෙන බවයි අමෙරිකාව පවසා තිබෙන්නේ.