Friday, April 26, 2024

General line - 0115112241

හමුදාවේ අවශ්‍යතාවයන් සපුරාගන්න යාපනය කොටුව දෙන්න බැහැ




යාපනය බලකොටුවට හමුදාව යැවීම තමන්ට අනුමත කළ නොහැකි බව ඊපීඩීපී පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබෙනවා.

ඉපැරණි නටඹුන් රැසකින් සමන්විත යාපනය බලකොටුව විනාශ වී යාමට ඉඩ ලබාදිය නොහැකි බවත් මේ පිළිබඳව තමන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවත් ඩග්ලස් දේවානන්දා මන්ත්‍රිවරයා පැවසුවා.

එමෙන්ම උතුරේ ජනතාවගේ ඉඩම්වල ඇති කඳවුරු ඉවත්කීරිම සම්බන්ධයෙන් තම ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.