Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත්‍රියේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත‍්‍රියේ පැවැත්වෙනවා.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රාත‍්‍රී 08ට එය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට පක්ෂ මධ්‍යම කාරක සභිකයින් මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ද සහභාගී වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පක්ෂයේ 66 වන සංවත්සර උළෙලට සහභාගී නොවූ නිදහස් පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවද සඳහන්. එමෙන්ම 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කිරිමට නියමිතයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක්  අද පැවැත්වෙනවා.

 ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදි සාකච්ඡා කිරීමට අපේක්ෂිත කරුණු පිළිබ නෙත් නිවුස් විමසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනගෙන්.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එරෙහිව ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් අද පස්වරු 06ට ජනාධිපතිවරයා මුණ ගැසිමට නියමිතව තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු නෙත් නිවුස් වෙත ඒ බව තහවුරු කළා.

මෙම සාකච්ඡාවට සම්බන්ධවන පිරිස, ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කරන කණ්ඩායමේ සාමාජිකයන් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.