Friday, April 26, 2024

General line - 0115112241

ඩයනා කුමරියගේ රිදී අත් බෑගයත් වෙන්දේසියට




ඩයනා කුමරිය භාවිත කළ තවත් භාණ්ඩ කිහිපයක් වෙන්දේසි කිරිමට නියමිත බව අමෙරිකානු වෙන්දේසි සමාගමක් පවසනවා.

ඒ අනුව ඩයනා කුමරිය විසින් භාවිත කරන ලද රිදී අත් බෑගය, පෙන්ඩනයක්, විලි සහ හැරී කුමරුන් සමග ලබාගත් ඡායාරූපයක් ස්විටරයක් ඇතුළු භාණ්ඩ 78ක් වෙන්දේසි කිරිමට නියමිතයි.

මෙම වෙන්දේසිය ලබන 13 වන දින සිදුකරන රිදී අත් බැගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 20000ක් වනවා. එමෙන්ම ඩයනා කුමරියගේ මාලය වෙන්දේසි කිරිමට නියමිතව ඇත්තේ අමෙරිකානු ඩොලර් 25000කටයි.

ඩයනා කුමරිය ජිවිතක්ෂයට පත්වී වසර 20 ක් ගත වූවත් ඇගේ ජනප්‍රියතාවය තවමත් අඩුවී නොමැති බවයි බ්‍රිතාන්‍ය ජනතාව පවසන්නේ.