Saturday, April 27, 2024

General line - 0115112241

කරුණාගේ වාහන අවභාවිත චෝදනාවේ විමර්ශන අවසන්! FCIDය අධිකරණයට කියයි




රජයට අයත් වාහනයක් අවභාවිත කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (06) දැනුම් දුන්නා. ඒ අනුව නීතිපති උපදෙස් ලබාගැනීම සදහා අදාළ විමර්ශන ගොණු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ. 

විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් මෙලෙස අවභාවිත කර ඇතැයි පැවසෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වෙඩි නොවදින වාහනයක්. එහි වටිනාකම රුපියල් කෝටි නවයක් පමණ වනවා. අදාළ නඩුව ලබන දෙසැම්බර් 14 වනදා යළි කැදවීමට නියමිතයි.