Friday, April 26, 2024

General line - 0115112241

ජර්මානු පුරවැසි භාවය ගැන අමෙරිකානුවන් උනන්දු වෙයි




ජර්මානියේ පුරවැසි භාවය අයෙදින අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසු අමෙරිකානුවන් බහුතරයක් කැනඩාවේ පුරවැසි භාවය අයෙදුම් කළා.

නමුත් කැනඩාව එය සීමා කිරිමත් සමග අමෙරිකානුවන් ජර්මානු පුරවැසි භාවය ලබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් මසකට පුරවැසි භාව අයෙදුම්පත් 1400ක් පමණ ලැබෙන බවයි ජර්මානු ආගමන විගමන පාලකවරයා පවසා ඇත්තේ.

එමෙන්ම ජර්මානු පුරවැසි භාවය ලබාගැනීම සම්බන්ධයෙන් වූ නීති පසුබිම දැන ගැනීමේ පිණිස අමෙරිකානුවන්ගෙන් විශාල දුරකථන ඇමතුම් ලැබෙන බවත් ජර්මානු ආගමන විගමන පාලකවරයා පවසා තිබෙනවා.