Friday, April 26, 2024

General line - 0115112241

'කැසිනි' සෙනසුරු ඇසුර නිම කරයි




වසර 13ක් පුරා සෙනසුරු ග්‍රහයා ඇසුරේ කාලය ගෙවූ ජාත්‍යන්තර කැසිනි අභ්‍යවකාශ යානය සිය කාර්යයන් නිම කිරීමට සූදානම් වනවා.

මේ සතියේ සිය වගකීම් අවසන් කරමින් කැසිනි විනාශය කරා යෑමේ මග සකස් කරගනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරුගේ ගැටීමට කැසිනි කටයුතු කරනු ඇති. ඉන් කැසිනි යානය කැබලිවලට කැඩී වෙන් වී යනු ඇති බවයි වාර්තා වෙන්නේ.

වසර 13 ට පෙර සෙනසුරු වෙත පැමිණි තැන සිට එම ග්‍රහයා මෙන්ම එහි සිත්ගන්නාසුළු වළලු අධ්‍යයන කිරීම සඳහා කැසිනි යානය විවිධ පිහිටීම් සකසා ගත්තා.

කැසිනි යානය දියත් කළ දා සිට ගමන් කළ දුර කි.මී බිලියන 7.9ක්. සොයාගෙන ඇති නම් කරන ලද චන්ද්‍රයින් ගණන 06ක්. ඡායාරූප ගැනීම් 453000ක් සහ විධාන ක්‍රියාවට නැගීම් මිලියන 2.5 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

කැසිනි විසින් රැස්කර ඇති විද්‍යාත්මක දත්ත ප්‍රමාණය 635GB වනවා.