Friday, April 26, 2024

General line - 0115112241

විදුලිබලේ වර්ජනයෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ




විදුලබල මණ්ඩල සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයත් සමග ප‍්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්ව නොමැති බව වාර්තා වනවා.  

ගම්පහ, අම්පාර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ අතර, අද දිනයේද විදුලි සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය ක‍්‍රියාත්මක වනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ ඊයේ රැස්වූ වෘත්තිය සමිති අද දිනයේත් වැඩවර්ජනය සිදු කිරීමට ඒකමතිකව තීරණය කළ බවයි. කෙසේවෙතත් හෙට (15) දහවල් 12.00 දක්වා ආණ්ඩුවට අවස්ථාවක් ලබා දී ඇති බවත් ගැටලු සඳහා විසඳුම් නොදුන්නහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දින දියමයක් නොමැතිව සටන ගෙනයන බවත් පැවසුවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිිවුස් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධනගෙන් ද විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක, කළුතර, අම්පාර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුවෙලා තිබුණා. වර්ජනයක් ක්‍රියාත්මක වෙමින් ඇති නිසා බිඳවැටෙන පද්ධති යතාතත්ත්වයට පත්වීමේදී යම් යම් දෝෂයන් තියෙනවා. කෙසේවෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගයට එකතු නොවී ඉන්න සේවකයින් මෙම නඩත්තු කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා." යනුවෙනි.

කෙසේවෙතත් අද දිනයේදී වර්ජනයේ නිරත සේවකයින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටින බවත් සඳහන් කළා.