Saturday, April 27, 2024

General line - 0115112241

මත්තල සිදු කළ මෙහෙයුම මෙන්න (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




අටවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය “දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම VIII – 2017” අද (19) දින මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකරනු ලැබුවා.

පසුගිය 03 වැනිදා මින්නේරියේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වූ මෙම දියකාවා ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය විවිධ  ආදර්ශ යුද පෙරහුරු පුහුණු අභ්‍යාසයන්  මේ වන විට  කුච්චවේලි, මන්කිබිච්, නයාරු,සේරුනුවර, චල්ලතිවු, තොප්පිගල, කන්තලේ යන ප්‍රදේශයන් තුලදී සිදු කෙරෙනවා.

මත්තල ගුවන් තොටුපල තුල අද (19) පැවති ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය තුලින් විශේෂයෙන් සිදු කරනු ලැබුවේ සතුරු ග්‍රහණයේ සිටින පිරිසක් ගලවා ගැනීමේ ක්‍රියාන්විතයක්.

 

 

-------------------------------------

"දියකාවා" පුහුණු අභ්‍යාසයේ ගලවා ගැනීමේ ක්‍රියාන්විතය මත්තලදී

(19-09-2017 11:59)

අටවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය "දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම" අද (19) සවස 4.30ට  මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙහිදී අද සිදු කරනු ලබන්නේ සතුරු ග්‍රහණයේ සිටින පිරිසක් ගලවා ගැනීමේ ක්‍රියාන්විතයක්.

මෙවර දියකාවා මෙහෙයුම සඳහා 2000කට අධික යුධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් සහභාගි වන අතර යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ බලකා සහ යාන්ත්‍රික පාබල භටපිරිස් ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 370ක භට පිරිසක් හා ගුවන් හමුදාවේ 197ක භට පිරිසක් ද මෙයට එක් වනවා.

බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, බ්‍රසීලය, සුඩානය, ඉරාකය, ඊශ්‍රායලය, ඕමානය, තුර්කිය, ඉරානය සහ කෙන්යාව නියෝජනය කරමින් 69දෙනෙකු විදේශ හමුදා සාමාජිකයින් ලෙස මෙයට සහභාගි වනවා.