Saturday, April 27, 2024

General line - 0115112241

"නීතිපතිට එරෙහිව පියවර ගන්නවා"




නීතිපතිවරයාට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සහ ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමටත් කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉකුත්දා සම්මත කර ගැණුනු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් ගැටළු පැවතීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම පනත සම්බන්ධයෙන් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කර ගැනීමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නීතිපතිවරයා විසින් අහිමි කර ඇති බවයි පෙන්වා දුන්නේ.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට දැනුම් දෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේ.