Saturday, April 27, 2024

General line - 0115112241

දිවි නසාගන්නා විටත් රංගන ශිල්පියාව ජීවත් කළේ 'අම්මා' අයිස්ක්‍රීම් විකුණලායි..බිරිඳ නිහඬව සිටියේ ආදරය නිසයි - දසුන්ගේ සිරුර දැන් ගම්පහ (PHOTO)

සුගත් ධර්මප්‍රිය / අයිරංගි එදිරිසිංහ




සිය දිවි නසාගත් යොවුන්  රංගන ශිල්පී  දසුන් නිශාන්ගේ දේහය මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු  මල් වත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුවඊයේ  (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට ගම්පහ මල් ශාලාවක් වෙත ගෙන එනු ලැබුවා.

පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන් එම හදිසි මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවා.

මිය ගිය  දසුන් නිශාන්ගේ මව වන ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සඳහන් කර සිටියේ නිට්ටඹුවේ පිහිටි තම නිවසේ සිට දිනපතා හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණය අසළට පැමිණ අයිස්ක්‍රීම් විකුණා තමන් මේ දක්වාම දරුවන් පෝෂණය කළ බවයි.

මිය ගිය දසුන් නිශාන් තොරතුරු තාක්ෂණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් ද ලබා ඇති අතර ඔහුට තවත් සොහොයුරකු ද සිටිනවා.

ද්‍රවිඩ ජාතික තම ස්වාමි පුරුෂයා දෙවන පුතුගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන විට තමන් සහ දරුවන් අතහැර කැනඩාවට ගිය බවත්  එතැන් සිට තමන් දරුවන් රැක බලා ගත් බවත් සඳහන් කළ මිය ගිය  දසුන් නිශාන්ගේ මව වන ලලිතා ස්වර්ණා කුමාරි හේරත්,තවමත් තමන් ජීවත් වන්නේ කුඩා නිවසක බව මෙන්ම එම නිවස පවතින තත්ත්වයට නිම කර දුන්නේ මියගිය දසුන්ගේ නිත්‍යානුකුල බිරිඳ බව ද  මරණ පරීක්ෂණය අතර කියා සිටියා.

මිය ගිය දසුන් නිශාන්ගේ බිරිඳ සන්දීපනී රණතුංග එහිදී සඳහන් කළේ ශලනි නම් වන රංගන ශිල්පිණිය තම ස්වාමිපුරුෂයා සමග ඇගේ සම්බන්ධයක් ඇති බවත් තමන් දැන් සිටින්නේ ද ඔහු සමග බවත් දුරකථන ඇමතුම් දෙමින් ඇතැම් අවස්ථාවක සඳහන් කර සිටි බවයි.

තමන් දසුන්ට ආදරය කරන නිසා පවුල රැකගැනීමේ අරමුණින් සියල්ල දරා සිටි බව ද ඇය කියා සිටියා.