Friday, April 26, 2024

General line - 0115112241

උදේ පාන්දර දරුවන් එද්දී වන අලි රංචුවක් පාසලේ! (PHOTOS)

රොෂාන් තුෂාර තෙන්කෝන්




වන අලි රංචුවක් කඩා වැදීම හේතුවෙන් පොලොන්නරුව හිඟුරග්ගොඩ අධ්‍යාපන කලාපයට අයත්  මැදිරිගිරිය පැරකුම් පුර ප්‍රාථමික විද්‍යාලය අද (04) දා නොපවත්වා වසා දමා තිබෙනවා. උදෑසන දරුවන් පාසලට එන විට වන අලි රංචුව පාසලේ සිට තිබෙනවා.

පාසල් ගෙවත්තේ දොළොස් දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් සිටි බව ඇසින් දුටුවකු පැවසුවේ. වන අලි පලවා හැරීම මැදිරිගිරිය හා කවුඩුල්ල වන ජීවී නිලධාරීන් සහ මැදිරිගිරිය පොලිසිය එක්ව පලවා හැරියා. සෝමාවතියේ සිට පැරකුම් පුර ගම්මානයට වන අලි පැමිණ තිබෙන බවයි වනජීවී නිලධරීන් සදහන් කළේ.