Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්ධන ගෙන ගිය දුම්රියේ තිරිංග අක්‍රිය වී පසුපසට ධාවනය වෙයි (PHOTOS)

හැටන් - රංජිත් රාජපක්ෂ




ඉන්ධන ප‍්‍රවහානය කළ දුමිරියක් හදිසියේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් යළි පසුපසට ධාවනය වි තිබෙනවා. 

නාවලපිටියේ සිට කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය දක්වා මෙම දුම්රිය ධාවනය වෙමින් තිබුණා.

අද (10) අලුයම 3.00 ට පමණ හැටන් දුම්රිය ස්ථානයේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ එම භාණ්ඩ ප‍්‍රවහාන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ සිට මද දුරක් ධාවනය වන අතරතුර එම දුම්රියේ වැකුම් නළය පුපුරා ගිය බවයි දුම්රියේ කාර්යමණ්ඩලය පවසන්නේ.

පසුව මැදිරි සහ ඉන්ධන ටැංකි සහිත දුම්රිය, හැටන් දුම්රිය ස්ථානයත් පසුකරමින් පසුපසට ධාවනය වනන්ට වී තිබෙනවා.

එහිදී වහා ක්‍රියාත්මක වී දුමිරියේ පසුපස ආරක්‍ෂක නිලධාරින් ගමන් ගන්නා මැදිරියේ ඇති අත් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර පසුපසට ධාවනය වු දුම්රිය නතරකර ගැනිමට ක්‍රියා කර තිබුණා.

මෙම අවස්ථාවේ දුම්රියේ ඩිසල් ලිටර් 11600ක් ගබඩා කර තිබූ බවත් සඳහන්. 

හැටන් දුම්රිය ස්ථානයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානය දෙසට බෑවුම් සහිත නිසා දුම්රිය මෙලෙස පසුපසට ධාවනය වී තිබෙනවා.