Saturday, April 27, 2024

General line - 0115112241

මංගල තම මංගල අය වැය ගැන ඉඟි කරයි!




2018 අය වැය මගින් මෙරට සංවර්ධන කි‍්‍රයාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබල ගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අන්තර්ජාතික මුල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපිය අධ්‍යක්ෂ මෙන්ගට්සු අල්මෙයාහු සමග පැවති හමුවකදීයි. අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී එම හමුව සිදු වුණා. පොහොසත් රටක් - ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිව මුදල් අමාත්‍යවරයා ලෙස සිය ප‍්‍රථම අය - වැය ඉදිරිපත් කිරිමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. 

අන්තර්ජාතික මුල්‍ය සහයෝගීතා ආයතය පෞද්ගලික අංශය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක්. එම ආයතනය ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් සියයක පමණ ක‍්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ගැටලූ විසඳීමට දායකත්වය ලබා දෙනවා. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම ආයතනය මේ දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක දායකත්වයක් ලබා දී ඇති බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ.

සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් අන්තර්ජාතික මුල්‍ය සහයෝගීතා ආයතය ලබා දෙන සහයෝගයද අමාත්‍ය මංගල සමරවීර මෙහිදී අගය කිරිමට ලක් කළා.