Saturday, April 27, 2024

General line - 0115112241

පුංචි ඡන්ද පනතේ සංශෝධන තුනකට කතානායක අනුමැතිය! ආයතන 200ක් ජයගන්නා බව බැසිල් කියයි!




ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 200ක් අනිවාර්යයෙන්ම ජය ගන්නා බව පොදු ජන පෙරමුණ පවසනවා.  අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව කියා සිටියා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විමට අවශ්‍ය වන සංශෝධිත පනත් තුනකට කතානායක කරූ ජයසූරිය අද (12) අත්සන් තැබුවා. කතානායකවරයා එලෙස අත්සන් තැබුවේ ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා සංශෝධිත පනත් තුනටයි. ඒ අනුව අදාළ පනත් ඉදිරියේදී ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරනු ඇති.