Friday, April 26, 2024

General line - 0115112241

ඇහැලියගොඩ බස්රථ අනතුරෙන් 3ක් බරපතලයි

බුද්ධික කුමාරසිරි




ඇහැලියගොඩ හිඳුරංගල මාර්ගයේ හකුරුදොල ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරලතල බවයි. ඔවුන් තිදෙනා මේවන විටි රත්නපුර මහරෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

තවත් හත් දෙනෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙකුත් පිරිස ඇහැළියගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුරට ලක්වූ බස් රථය ඇහැලියගොඩ හිඳුරංගල මාර්ගයේ හකුරුදොල ප්‍රදේශයේ බෑවුමක තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයකට ඉඩ ලබාදීමට යාමේ දී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.