Friday, April 26, 2024

General line - 0115112241

චර්චිල් බිව් සුරුට්ටු කොටයක් ලක්ෂ 18කට විකිණෙයි




බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් විසින් උරන ලද සුරුට්ටු කොටයක් අමෙරිකානු ඩොලර් 12,000 (රුපියල් 1860000) කට වෙන්දේසි වී ඇතැයි බීබීසීය පවසනවා. අගමැතිවරයා ප්‍රංශයේ ලෙ බුවර්ශේ (Le Bourget) ගුවන්තොටුපොළේ දී මෙම සුරුට්ටුව උරමින් සිට ඇත්තේ 1947 මැයි මස 11වැනිදා ය.

අමෙරිකාවේ ෆ්ලොරිඩා හි පදිංචි, පෞරාණික  භාණ්ඩ එකතු කරන්නෙකු විසින් අඟල් හතරක් දිගැති මෙම 'සුරුට්ටු කොටය' මිලදී ගෙන තිබෙනවා. 

මෙම සුරුට්ටු කොටය මෙතෙක් කලක් තිබී ඇත්තේ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ගුවන් හමුදා නිලධාරියෙකු සතුවය. එවකට අගමැති චර්චිල් ප්‍රංශයට ගොස් නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී එම ගමනට මෙම හිටපු ගුවන් හමුදා නිලධාරියා ද එක්ව තිබෙනවා.

මෙය කියුබානු සුරුට්ටුවක් වන අතර එහි රතු සහ රන් පැහැති ලේබලයේ වින්ස්ටන් චර්චිල්ගේ නම ද සඳහන්ව තිබෙනවා. ලෝක ප්‍රකට චරිතයක් වූ වින්ස්ටන් චර්චිල් විසින් පාවිච්චි කරන ලද තවත් සුරුට්ටුවක ඉතිරි වූ අග කොටස 2015 වසරේදී ද මෙලෙස වෙන්දේසි වුණා. ඒ ඩොලර් 2000ක ලන්සුවකට ය.