Saturday, April 27, 2024

General line - 0115112241

දීපවාලි  සැමරීම අරලියගහ මන්දිරයේදී




ජාතික දීපවාලි  උත්සවය සැමරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඒ,ඊයේ (15)පස්වරුවේ. 

දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලූම හින්දු බැතිමතුන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී  සුබපැතුම්  පිරිනමනු ලැබුවා.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්  ඇතුලු  මැති ඇමතිවරු රැසක් සහ  අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.