Saturday, April 27, 2024

General line - 0115112241

නාමල් ඇතුළු අටකට පමණක් ඇප දී '32ක් යළිත් රිමාන්ඩ් කළේ' මේ නිසයි 




හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ  ඇතුළු අට දෙනකුට අද(16) ඇප හිමිවූයේ විශේෂ කරුණු අනුව බව නීතිවේදීන් පවසනවා.

නාමල් රාජපක්ෂ ,ඩි වී .චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනාට හා පළාත් සභා  මන්ත්‍රී සම්පත් අතුකෝරාලට  ඇප ලබාදුන්නේ රුසියාවේ පැවැත්වෙන තරුණ සම්මේලනය සදහා  සහභාගි වීම සඳහා බවයි නීතිඥ චමින්ද සූරියපටබැඳි   ප්‍රකාශ කර සිටියේ.

ඇප ලබාදුන් සැකකරුවන් අතුරින් 13 , 18 , 19 යන සැකකරුවන් අධ්‍යාපනය ලබන බැවින් ඒ අයට අධ්‍යාපනික කාරණා  මත ද තවත් එක්  සැකකරුවෙකුට ඔහුගේ විවාහ මංගල උත්සවය පදනම් කරගෙන ද  32 වන සැකකාරියට තම දරුවාහට කිරි ලබාදිය යුතු යන මානුෂිය කරුණ  මත ද ඇප ලබාදුන් බවයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද සූරියපටබැඳි වැඩිදුරටත් කියා සිටියේ.

 
මේ අතර එම සිදුවීමට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු අනෙක් තිස්දෙදෙනා (32) ලබන 30වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුවා.