Saturday, April 27, 2024

General line - 0115112241

බැසිල්ගේ ඉල්ලීම ඉවතට! පුංචි ඡන්දයට කරුණා අම්මාන් තනිවම එයි

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ එලැඹෙන පලාත් පලාන මැතිවරණයට තනිව තරග කරන බව එම පක්ෂයේ මහා ලේකම් එම්.කමලදාස් පවසනවා.

ඒ අනුව තම පක්ෂය පහන ලකුණ යටතේ උතුරු නැගෙනහිර පළාත් වල ඇති සියලුම පළාත් පාලන ආයතනවලට තනිව තරග කිරිම බිම් මට්ටමේ තම පාක්ෂිකයන්ගේ ඉල්ලිමක් බවද කි මහා ලේකම් වරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ  සන්ධාන ගතවි තරග කිරිම සදහා හිටපු අමාත්‍යා බැසිල් රාජපක්ෂ කළ ඉල්ලිමක්ද ප්‍රතික්ෂේප කළ බව පැවසුවා.

බැසිල් රාජපක්ෂගේ ආරාධනයකට බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයට ගියද, තම පක්ෂ නායක විනයාගමුර්ති මුරලදරන් ඇතුලු තම කණ්ඩායමට එහිදි සන්ධාන ගත වි එළබෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරිම පිළිබදව කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද මහා ලේකම් වරයා පැවසුවා. පළාත් පලාන මැතිවරණය හැර අනෙක් මැතිවරණ වලදි සන්ධානගත විම කෙරෙහි ඉදිරියේදි සලකා බැලිම පිළිබදව මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.