Friday, April 26, 2024

General line - 0115112241

ටයිටැනික් මගියා මවට ලියූ ලියුම වාර්තාගත මිලකට අලෙවි වුණු හැටි 




ටයිටැනික් නෞකාවේ සිට ලියන ලද අවසන් ලියුම් කිහිපය අතරින් එකක් මේ වනවිට වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.

ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු වන අමෙරිකානු ව්‍යාපාරික ඔස්කාර් හොල්වර්සන් විසින් ලියන ලද එම ලියුම අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ හැටහය දහසකට ආසන්න මිලකටයි.

අමෙරිකාවේ නිව්යෝක් බලා යාත්‍රා කරමින් තිබූ නෞකාව හිම කුට්ටියක ගැටීම නිසා උතුරු අත්ලාන්තික් සාගරයේදී අනතුරට පත් වුණා.

වෙන්දේසියට ඉදිරිපත් කරන ලද මෙම ලියුම මිලට ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ගැනුම්කරුවෙකු විසින්.

පුතුගෙන් මවට අත්ලාන්තික් සයුරට ගොස් බේරුණු ටයිටැනික් ශීර්ෂය සහිත සටහන් පතක ලියන ලද එකම ලියුම මෙය වනවා.

සිය බිරිඳ මේරි සමග ටයිටැනික් නෞකාවේ ගමන් කළ ඔස්කාර් හොල්වර්සන් එම ලියුම ලියා ඇත්තේ ඔහුගේ මවටයි.

ඒ සවුතැම්ටන් සිට නිව්යෝර්ක්හි පිහිටි සිය නිවස බලා යමින් සිටියදීයි.

ටයිටැනික් නෞකාව අනතුරට පත් වන විට මගීන් එක්දහස් පන්සීයකට අධික පිරිසක් එහි ගමන් ගත්තා.

මරණයට පත් පිරිස අතර ඔස්කාර් හොල්වර්සන් සහ ජෝන් ජේකොබ් ඇස්ටර් සිටියා. ඔස්කාර්ගේ බිරිඳ මේරි දිවි බේරා ගැනීමට සමත් වුණා.

පසුව ඇයගේ ස්වාමියාගේ මෘත දේහය සොයා ගනු ලැබූ අතර ලියුම තිබී ඇත්තේ ඔහුගේ සාක්කුවක තිබූ සටහන් පොතක් තුළයි.

අවසානයේ සිය පුතුගේ ලියුම මව වෙත ලැබීමට සැලැස්වා තිබෙනවා.