Friday, April 26, 2024

General line - 0115112241

ගල් ගුහාවක භාවනා යෝගීව සිටින භික්ෂූන් වහන්සේව වනජීවියෙන් ඉවත් කරන්න යයි (PHOTOS)

නාඋල - ඉන්දික අරුණ කුමාර




මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ඉදිරිපිට පිහිටි කැලෑ ප්‍රදේශයක ගල් ගුහාවක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකට වහාම එම ස්ථනයෙන් ඉවත් වන්නැයි වනජීවි දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ. විජිත විසින් ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ දැන්වීම් පුවරුවක් ප‍්‍රදර්ශනය කරමින් දින 07 ක් ඇතුළත ඉදිකිරීම් ද ඉවත් කර ගන්නා ලෙසයි දන්වා ඇත්තේ.

ඇලහැර 12 කනුව ප‍්‍රදේශයේ පිහිටි මහසෙන් විහාරස්ථායේ දී 1989 වසරේ දී පැවිදි උපසම්පදාව ලැබූ පුජ්‍ය ධම්මරතන ස්වාමින් වහන්සේ විහාරස්ත ජීවන රටාවෙන් ඉවත්ව භාවනායෝගීව කටයුතු කිරීම සඳහා දැනට වැඩසිටින ස්ථානය සකසා ගත් බව සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘‘මේ ස්ථානය බොහෝම නිහඬ තැනක්. නිදහසේ භාවනා කිරීම සඳහා හොඳ ස්ථානයක්. මෙතනින් ඉවත් වෙන්න කියලා වනජීවි එකේ නිලධාරීන් කියලා ගියා. මෙතනට මගෙන් කිසිම කරදරයක් නැහැ.
කොටින්ම මේ අවට ඉන්න වන සතුන්ගෙන් පවා මට කිසිම කරදරයක් නැහැ.’’
යනුවෙනි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ. විජිතගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,  ස්වභාවික රක්ෂිතයක කිසිඳු අයුරකින් කිසිවෙකුට හෝ ඉදිකිරීම් සිදුකර රැඳී සිටිය නොහැකි බවයි.

භික්ෂූන් වහන්සේ රැදී සිටින ස්ථානයෙන් දින 07 ක් තුළ ඉවත් වන ලෙස දන්වමින් දැන්වීමක් ප‍්‍රසිද්ධ කළ බව ද හෙතෙම සඳහන් කළා.

භික්ෂුන් වහන්සේ රැදී සිටින ස්ථානයේ දිවියන් දෙදෙනෙකු වාසය කරන බවත් එම නිසා උන්වහන්සේට අනතුරක් සිදුවීමේ ඉඩකඩ ඇති බවත් පෙන්වා දුන්නා.