Saturday, April 27, 2024

General line - 0115112241

ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS)




ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

"Forestry in a New Landscape" යන තේමාව යටතේ ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඊයේ ආරම්භ කෙරුණු අතර එය 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ආසියා ශාන්තිකර වනාන්තර පිළිබද කොමිසමෙහි සාමාජික රටවල් 34ක නියෝජිතයින් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනවල නියෝජිතයින් 300ක පිරිසක් මෙම සැසියට එක්ව සිටිනවා.

මෙයට අමාත්‍ය පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ද මෙයට එක්ව සිටියා.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වනාන්තර අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හිරෝටෝ මිට්සුගී සහ ජාත්‍යන්තර කෘෂි වන වගා පර්යේෂණ පිළිබද කවුන්සිලයේ සභාපති ටෝනි සයිමන් ඇතුළු විදෙස් නියෝජිතයින් ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා.