Saturday, April 27, 2024

General line - 0115112241

ලාහෝර් තරගයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවීම ගැන උපුල් තරංග කියූ දේ (VIDEO)

කසුන් කැළුම් ඩුබායි සිට




පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙන පන්දුවාර විස්ස තරගය සදහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවීමට ගත් තීරණය සම්බන්ධයෙන් උපුල් තරංග ඊයේ (23) අදහස් පළ කළා.

ඒ පස්වැනි එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීයි. එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩකයින් කිහිපදෙනක් එහි ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවයි.

පාකිස්තානය සමග පැවැත්වෙන මෙම පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා  පිලට නායකත්වය ලබාදෙන්නේ තිසර  පෙරේරායි. 

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 26 වැනිදා සහ දෙවන තරගය 27 වැනිදා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි. 

දෙරට අතර අවසන් පන්දුවාර විස්ස තරගය පැවැත්වෙන්නේ ලබන 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීයි.

2009 වසරේදී ශ්‍රී ලකා පිලට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ අදුරු මතකයන්ද ඔහු මෙහිදී සිහිපත් කළා.