Friday, April 26, 2024

General line - 0115112241

අයි.එස්.පසු බසී..සාමාජිකයන් පැන දුවයි




ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය යටතේ පැවැති ප්‍රදේශවල බලය අහිමිවීමත් සමග විදේශීය අයිඑස් සාමාජිකයන් 5600ක් පමණ සිය රටවලට පලාගොස් ඇති බවට හෙලිවී තිබෙනවා.

සිරියාවේ සහ ඉරාකය තුළ මෙහෙයුම්වලට සම්බන්ධ වූ, රටවල් 33ක පමණ අයි.එස්. සාමාජිකයන් මෙලෙස නිවෙස්වලට ගොස් ඇති බවයි අමෙරිකාව කරන ලද විමර්ශනයකින් හෙළිවී ඇත්තේ.

අයිඑස් සාමාජිකයන් 850ක් එංගලන්තයට ගොස් ඇති බව ද විමර්ශනයෙන් හෙළිව තිබෙනවා.

ඔවුන් අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් අතරතුර අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ සහ අතුරුදන් වූ අය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.