Friday, April 26, 2024

General line - 0115112241

යාපනය - නුවර A9 ප‍්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන් අවධානයෙන් (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග යාපනය - නුවර A9 ප‍්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

වව්නියාව, මාන්කුළම හා පුලියන්කුලම යන ප‍්‍රදේශවල දී මාර්ගය මීදුමෙන් වැසී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දැඩි අවධානයෙන් සහ ප‍්‍රධාන ලාම්පු දල්වා රථ වාහන ධාවනය කරන ලෙසයි පොලිසිය එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.