Saturday, April 27, 2024

General line - 0115112241

පුතු පැදවු කැබ් රථය මව බිළි ගත් හැටි




දැදිගම කිවුල්දෙණිය, පහළ ලෙනගල ප්‍රදේශයේදී පුත්‍රයකු විසින් පැදවූ කැබ් රථයක ගැටී මවක ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

අදාළ පුත්‍රයා රිය ධාවනය සහා පුහුණුවෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්.

රිය ධාවනය කළ තරුණයා ඇගේ එකම පුත්‍රයා වන අතර, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන පර්යේෂණ සහයකවරයෙක් ලෙස සේවය කරන්නෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.