Saturday, April 27, 2024

General line - 0115112241

“මාව ලේසියෙන් වට්ටන්නත් බෑ” මම දුක් වෙන්නෙත් නෑ - ගීතා

වසන්ත පිවිතුරු




තමන්ව පහසුවෙන් කිසිවෙකුටක් බිම ඇද දැමිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පවසනවා.

කුමන්ත්‍රණකරුවන් පිරිසක් තමන්ව දේශපාලනයෙන් නෙරපා දැමීමට ක්‍රියාත්මක වී ඇති බවයි ඇය කියා සිටියේ.

නමුත් එවැනි කුමන්ත්‍රණයකින් තමන්ව කුස්සියට සීමා කළ හැකි බව යමෙකු සිතන්නේ නම් එය කිසි දිනෙක සිදු නොවන්නක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පෙන්වා දෙන්නේ.

හෙට (05) සිට තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයතු ආරම්භ කරන බවද  ඇය පැවසුවා.

බෙන්තර ඇල්පිටිය ආසනයේ පදිංචි සෑම කෙනෙකුගේම නිවසට ගොස් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කරන බව හිටපු මන්ත්‍රිවරිය කියා සිටියා.

දේශපාලනයට පිවිසිමෙන් තමන්ගේ ස්වීසර්ලන්ත පුරවැසි භාවය අහිමි කර ගත් බවත් ඇය සඳහන් කළා.

එමෙන්ම දේශපාලනයට පිවිසිමෙන් තමන්ගේ දේපළ පවා අහිමි කරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ වැඩිදුරටත් කියා සිටියා.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් ගෙන ආ යෝජනාවලට තමන් ද සහාය පල කළා නම් ඇයට මෙම තත්ත්වය උදා නොවන බව ද ඇය තවදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් nethnews.lk හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහගෙන් විමසීමක් කළා.

ඇය කියා සිටියේ කුමන්ත්‍රණකරුවන්ගේ තර්ජන හමුවේ ඇය ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින බවයි.

අවස්ථා කිහිපයකදී තමන්ට මරණ තර්ජන පවා එල්ලවූ බවත් ඇය කියා සිටියා.

එමෙන්ම තමන්ගේ මන්ත්‍රී ධූරය අහිමි වීම සම්බන්ධයෙන් තමන් කිසිවිටෙක දුක් නොවන බවත් තමා සොර මාර්ගයෙන් පාර්ලිමේන්තුවට නොපිසිසුනු බවත් ඇය nethnews.lk වෙත කියා සිටියා.

තමාට එදා පැවති ජනතා ප්‍රසාදය අදත් වෙනස් වී නොමැති බව කියා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ ඉදිරි මැතිවරණයේ දී ජනතාව තමාගේ දේශපාලන ගමන තීරණය කරනු ඇති බවයි කියා සිටියේ.

එමෙන්ම වත්මන් ආණ්ඩුව කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට කටයුතු කරන ආකාරය හා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දමන ආකාරය මෙම සිද්ධියෙන් රටට පෙනි ගොස් ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.