Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨ ඔක්තෝබරය සැමරේ (PHOTOS)




ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී සංවිධානය කොට තිබූ විශේෂ සැමරුම් උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකීය විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත් 'ඔක්තෝබර් විප්ලවය ඉදිරියටම' යන ග්‍රන්ථය කොමියුනිට්ස් පක්ෂයේ අධ්‍යාපන අංශයේ ලේකම් අගා ජයසේන විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා.

සංස්කෘතික අංග රැසකින් මෙම සමරුව විචිත්‍රවත් ව තිබුණා.

කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු නිලධාරින් ද, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර ඇතුළු පක්ෂ සාමාජිකයින් සහ විද්වතුන් මෙන්ම සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.