Friday, April 26, 2024

General line - 0115112241

ලොරියක් කන්දේ හැපී 11කට තුවාල (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන්-නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ තලවාකැලේ තේ කර්මාන්තශාලාව අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ලිඳුල රෝහලටයි.

ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ සිව්දෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහලට මාරු කර යැවුණා.

අනතුරට ලක්වූයේ ලොරි රථයක්. අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටියදී අනතුර සිදුවුණා. ලොරි රථයේ තිරිංග කි‍්‍රයා විරහිත වී එය කන්දක ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.