Saturday, April 27, 2024

General line - 0115112241

අය වැයෙන් ක්‍රීඩාවට ලැබෙන දේ මෙන්න




ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට අදාළව ද යෝජනා කිහිපයක් අයවැයට ඇතුළත්. ක‍්‍රීඩා සපත්තු ආනයනයේ දී තීරු බදු හැර අන් සියලූ ආනයන බදු අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කෙරෙනවා. 

ග‍්‍රාමීය ක‍්‍රීඩාංගන 100ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට ද මෙහිදී යෝජනා කෙරුණා. දිස්ත‍්‍රික් සහ පළාත් ක‍්‍රීඩාගාර සංවර්ධනය කිරීම ද සිදුකෙරෙනවා. මාතලේ කෘත‍්‍රීම හොකී ක‍්‍රීඩාංගනය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කිරීමටද යෝජිතයි. 2020 සග් ක‍්‍රිඩා උළෙල ඉලක්ක කරගනිමින් දියගම ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනය සංවර්ධනය කිරීමටද යෝජනා කෙරුණා.

දියගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා පාසලක් හා ඇකඩමියක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජිතයි. ඒ සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් බිලියන 1500ක්.