Thursday, May 2, 2024

General line - 0115112241

රූපවාහිනිය හමුදාව යටතට




සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවයට එරට හමුදාව බලෙන් ඇතුළු වී එම රූපවාහිනි සේවය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වනවා. මේ වනවිට එරට ඇති වි තිබෙන ගැටුම්කාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය මෙලෙස එරට හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට උප ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කර සිය භාර්යාව උප ජනාධිපති ධුරය සඳහා පත් කිරීමට එරට ජනාධිපති රොබට් මුගාබේ කටයුතු කරන බවට ඉකුත්දා වාර්තා පළ වුණා. ඒ සමගයි සිම්බාබ්වේ රාජ්‍ය තුළ අර්බුදාරී තත්ත්වයක් හට ගෙන ඇත්තේ.