Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු පළාත් සභාවේ බියර් ප්‍රශ්නය සමතයට

ඩිල්ෂාන් මඩවල/ පසන් ද සිල්වා




දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල සමග සිදුවූ මත ගැටුම සමථයකට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ටී.වී.කේ ගාමිණි පවසනවා. එම පළාත් සභාවේ ඊයේ (14) ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා. 

"මම බියර් බීල ඇවිල්ලයි කියල එතුම කිව්වා. සභාපති තුමා මට කිව්ව ඒක හැන්සාඩ් ගත කිරීමෙන් වළකිනව කියල. පස්සේ නියෝජ්‍ය සභාපති තුමත් මගේ ළඟට ඇවිත් සමාව අයදිනව වගේ අතට අත දීල කතා කළා."

කෙසේවෙතත් අදාළ සිද්ධිය සිදුවන අතරතුර සම්පත් අතුකෝරල මන්ත‍්‍රීවරයා විසින් යළිත් කියා සිටියේ සෙසු මන්ත‍්‍රීවරුන්ට ද බියර් පානය කර සභාවට පැමිණිමට අවස්ථාව ලබා දෙන ලෙසයි. අනතුරුව දකුණු පලාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මෙම සිදුවිම සභා වාර්තාවෙන් ඉවත් කරන ලෙසට ද නියෝග කළා.

දකුණු පළාත් සභාවේ සභාපතිවරයා මෙම සිදුවීම සභා වාර්තාවෙන් ඉවත් කරන ලෙසද නියෝග කළා.