Saturday, April 27, 2024

General line - 0115112241

කැබිනට් අනුකමිටුවේ වාර්තාව පිළිබඳ සෑහීමකට පත්වන්න බෑ




ඉකුත් කාල සීමාව තුළ පැවති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කැබිනට් අනුකමිටුවේ වාර්තාව පිළිබ සෑහීමකට පත් විය නොහැකි බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා. 

අදාළ අනු කමිටුවේ සාමාජිකයින් ලෙස හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටීම එයට හේතුව බවයි එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශන බන්දුල සමන් කුමාර පවසන්නේ.

අදාල වාර්තාව අනුව චෝදනා එල්ල වී ඇත්තේ නිලධාරින්ට බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වත්මන් ආණ්ඩුව, නිලධාරීන් මත වරද පටවා රාජ්‍ය සම්පත් බදු දීමට නැවත උත්සාහ දරමින් සිටින බවයි.

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව කොළඹදි අද කැවා තිබූ මාධ්‍ය හමුවකදි මෙම අදහස් පළ කෙරුණා.