Friday, April 26, 2024

General line - 0115112241

"මගේ කැපකිරීම ලබා දෙන්න බැරිනම් එතනින් ඉවත් වෙන්න ඕනේ" - විමල්ගේ පක්ෂයෙන් එළියට බැස්ස ප්‍රධාන ලේකම් කියන කතාව




ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ "මම හිතනවා මම යම් තැනක වැඩ කරනවා නම් මගේ කැපකිරීම සහ දායකත්වය උපරිම වශයෙන් ඒ දේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව මට වැඩ කරන්න බැහැ. ඉතින් ඒ කැපකිරීම මට ලබා දෙන්න බැරිනම් හොඳම දේ තමයි ඒ ස්ථානයෙන් මම ඉවත් වෙන එක. පක්ෂයේ නායකයින් කිව්වේ මගේ තීරණය ගැන නැවත සලකා බලන ලෙසයි. නමුත් පසුව ඔවුන් මගේ ඉල්ලා අස්වීම භාර ගත්තා." යනුවෙනි.

කෙසේවෙතත් සිය ඉල්ලා අස්වීමට බලපාන ප්‍රධාන කාරණාව පෞද්ගලික හේතුවක් සහ සෞඛ්‍යමය කාරණා කිහිපයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

(මේ සම්බන්ධ මුල් පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න)