Saturday, April 27, 2024

General line - 0115112241

කුසගින්න සහ ලෙඩ රෝග හේතුවෙන් දිනකට ළමා මරණ 130ක්




යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් අනාථ කඳවුරුවල රැදී සිටින දරුවන් අධික කුසගින්න සහ ලෙඩ රෝග හේතුවෙන් දිනකට 130ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන්ට පනවා ඇති තහනම හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර ලබාදීම නිසි පරිදි කර ගෙන යෑමට නොහැකි වීමෙන් දරුවන් මියයන බවත් 50,000කට අධික දරුවන් සංඛ්‍යාවක් 2017 වර්ෂය තුල මියගොස් ඇති බවට විශ්වාස කළ හැකි බව එරට සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා.

දරුවන්ගේ යහපත ගැන අවධානය යොමුකර පනවා ඇති තහනම ලිහිල් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයින්, එක්සත් ජාතීන්ගේ ළමා නියෝජිත ආයතනය සහ ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.