Friday, April 26, 2024

General line - 0115112241

බාලි ගිනි කන්දක් පුපුරයි! - ගුවන් ගමන් ඇනහිටී.. (PHOTOS) 




 ඉන්දුනීසියාවේ, බාලි දූපත්වල පිහිටි අගුන්ග් ගිනි කන්ද සක්‍රීය වෙමින් මීටර් 1,500ක් පමණ උසට ඝන දුමාරයක් විහිදීම හේතුවෙන් එම කලාපයෙන් ගමන් කරන ගුවන් යානාවලට රතු අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සතිය තුළ මෙම ගිනි කන්දෙන් මෙවැනි දැවැන්ත දුමාරයක් පිටවූ දෙවැනි අවස්ථාව මෙය වනවා.

ගිනි කඳුවලින් පිටවන මෙම දුමාරය ගුවන් යානාවල එන්ජිමට බලපෑම් සිදුකළ හැකි බවද පැවසෙනවා.

බාලි දූපත් යනු සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන පෙදෙසක් වන අතර එහි ප්‍රධාන ගුවන් තොටුපොළ මේ දක්වා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවත් ඇතැම් ගුවන් සමාගම් තම ගුවන් ගමන් මේ වනවිට අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.